වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ ප්‍රතිලාභ ලබාගැනීමට ඇඟලුම් නිෂ්පාදනවලට අදාල වන්නා වූ විශේෂ ප්‍රභව ස්ථාන නිර්ණායකයන් තිබේද?
ඔව්. GSP ප්‍රභව ස්ථාන පිළිබඳ නීති යටතේ වරණීය සැලකුම් සඳහා වන පහත සඳහන් ප්‍රභව ස්ථාන නිර්ණායක අතරින් එකක් යටතේ ඇඟලුම් නිෂ්පාදන සුදුසුකම් ලැබිය යුතුය.
ද්විත්ව පරිණාමනය
ද්විත්ව පරිණාමන නිර්ණායක යටතේ, ඇඟලුම් නිෂ්පාදන කෙඳි අදියරේ සිට (ගොතන ලද අයිමත සඳහා) සහ නූල් අදියරේ (වියන ලද අයිතම) සිට ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ යුතුය. යුරෝපා සංගමය සඳහා රෙදිපිළි නිෂ්පාදන සම්බන්ධයෙන් GSP “A” ආකෘති පත්‍රය සඳහා අයදුම් කිරීම පිණිස අගය එකතු කිරීම සුදුසුකමක් ලෙස සලකනු නොලැබේ. මෙහිදී ආනයනය කරන ලද රෙදි (සාක් රටවලින් හැරුණු කොට) යොදාගෙන ශ්‍රී ලංකාවේදී නිෂ්පාදනය කෙරෙන ඇඟලුම් GSP “A” ආකෘති පත්‍ර සහතිකය ලබාගැනීම සඳහා සුදුසුකම් නොලැබේ.
සාර්ක් සමුච්චිත ප්‍රභවය
සාක් කලාපයේ සාමාජික රටක ප්‍රභවය වන, ආනයනික ද්‍රව්‍ය/ කොටස් යොදාගනිමින් නිෂ්පාදනයක් ශ්‍රී ලංකාවේදී සිදු කෙරේ නම්, එම භාණ්ඩය GSP “A” ආකෘති පත්‍ර සහතිකයට සුදුසුකම් ලබයි. ඒ සඳහා, ද්‍රව්‍ය/ කොටස් සාක් කලාපයේ සාමාජික රටකින් ආනයනය කරන ලද බව සහතික කිරීම පිණිස අපනයනකරු GSP “A” ආකෘති පත්‍ර සහතිකයෙහි පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
ප්‍රදානය කරන රටේ අන්තර්ගත නීතිය
මෙහිදී, යුරෝපා සංගමයේ සාමාජික රටක හෝ නෝර්වේ හෝ ස්විට්සර්ලන්තයේ සිට රෙදි ආනයනය කෙරෙන්නේ නම් හා නිමි නිපැයුම එම රටටම අපනයනය කෙරෙන්නේ නම්, එවිට එම නිමි නිපැයුම, ඇඟලුම් නිෂ්පාදන සඳහා වන GSP “A” ආකෘති ලැබීමට සුදුසුකම් ලබයි. කෙසේ වෙතත්, ප්‍රදානය කරන රටකින් රෙදි ආනයනය කෙරෙන බව තහවුරු කිරීම පිණිස අපනයනකරු EUR ආකෘති පත්‍රයේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.