ප්‍රභවස්ථාන සහතික නිකුත් කිරීම
සබැඳි වෙබ් අඩවි
වාණිජ දෙපාර්තමේන්තුව
- විස්තර
- ප්‍රවර්ගය: දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA)
The Governments of the SAARC (South Asian Association for Regional Cooperation) Member States comprising the People’s Republic of Bangladesh, the Kingdom of Bhutan, the Republic of India, the Republic of Maldives, the Kingdom of Nepal, the Islamic Republic of Pakistan and the Democratic Socialist Republic of Sri Lanka hereinafter referred to as “Contracting States”
Motivated by the commitment to strengthen intra-SAARC economic cooperation to maximise the realization of the region’s potential for trade and development for the benefit of their people, in a spirit of mutual accommodation, with full respect for the principles of sovereign equality, independence and territorial integrity of all States;
Noting that the Agreement on SAARC Preferential Trading Arrangement (SAPTA) signed in Dhaka on the 11 th of April 1993 provides for the adoption of various instruments of trade liberalization on a preferential basis;
Convinced that preferential trading arrangements among SAARC Member States will act as a stimulus to the strengthening of national and SAARC economic resilience, and the development of the national economies of the Contracting States by expanding investment and production opportunities, trade, and foreign exchange earnings as well as the development of economic and technological cooperation;
Aware that a number of regions are entering into such arrangements to enhance trade through the free movement of goods;
Recognizing that Least Developed Countries in the region need to be accorded special and differential treatment commensurate with their development needs; and
Recognizing that it is necessary to progress beyond a Preferential Trading Arrangement to move towards higher levels of trade and economic cooperation in the region by removing barriers to cross-border flow of goods;
Have agreed as follows:
- විස්තර
- ප්‍රවර්ගය: දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA)
දකුණු ආසියානු කලාපීය සහයෝගිතා සංගමය (SAARC) 1985 දී පිහිටුවාගන්නා ලදී. සාර්ක් හි සාමාජික රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාවයි. 2007 අප්‍රේල් මස නව දිල්ලියෙහි පවත්වන ලද 14 වන සාර්ක් සමුළුවෙහි දී ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන්තැබීමෙන් පසු අෆ්ගනිස්ථානය එහි 8 වන සාමාජිකයා බවට පත් විය.
සාර්ක් වරණීය වෙළඳ ගිවිසුම (SAPTA) 1993 අප්‍රේල් මස අත්සන් තබන ලදුව 1995 දෙසැම්බර් මස සිට බලාත්මක කොට ක්‍රියාත්මක විය. සාමාජික රටවල් අතර බදු සහනයන් හුවමරු කරගැනීම තුලින් අන්‍යොන්‍ය වෙළඳාම සහ ආර්ථික සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම SAPTA හි අරමුණ වේ.
කෙසේවුවත්, වරණීය වෙළඳ ගිවිසුමෙන් ඔබ්බෙහි වර්ධනයක් ඇති කරගැනීමේ සහ කලාපය තුල වඩාත් ඉහළ මට්ටමේ ආර්ථික සහයෝගීතාවයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය සාමාජික රටවල් විසින් හඳුනාගන්නා ලදී. එහි ප්‍රථිඵලයක් වශයෙන් සාර්ක් අමාත්‍ය මණ්ඩලය විසින් දකුණු ආසියානු නිදහස් වෙළඳ ගිවිසුම (SAFTA) නමින් සැකිලි ගිවිසුමක් 2004 ජනවාරි මස ඉස්ලාමාබද් හි අත්සන් තබන ලදී. SAFTA 2006 ජනවාරි මස සිට බලාත්මකව ක්‍රියාත්මක කරන ලදී.
SAFTA යටතේ වෙළඳාම ලිහිල්කරණ වැඩසටහනෙහි (TLP) අදියර I 2006 ජූලි මස 1 වන දින සිට ක්‍රියාත්මක කරනු ලැබ ඇති අතර එය 2015 දෙසැම්බර් මස 31 වන දින වනවිට සම්පූර්ණ කිරීමට නියමිතය.වෙළඳාම ලිහිල්කරණ වැඩසටහන (අදියර I) යටතේ සාමාජික රටවල සෘණ ලැයිස්තුව පහත පරිදි වේ.
සාමාජික රට | සංවේදී ලැයිස්තුවේ ඇති නිෂ්පාදන ගණන (අදියර I TLP ) |
ඇෆ්ගනිස්ථානය | 1072 |
බංගලාදේශය | 1233 (LDCs) 1241 (NLDCs) |
භූතානය | 150 |
ඉන්දියාව | 480 (LDCs) 868 (NLDCs) |
මාලදිවයින | 681 |
නේපාලය | 1257 (LDCs) 1295 (NLDCs) |
පකිස්ථානය | 1169 |
ශ්‍රී ලංකාව | 1042 |
2014 ජනවාරි මස 1 දින සිට අදියර II (TLP) ක්‍රියාත්මක කරන ලද අතර ප්‍රතිශෝධිත සෘණ ලැයිස්තුව පහත පරිදි වේ
සාමාජික රට | 2007 HS අනුව ප්‍රතිශෝධිත සංවේදී ලැයිස්තුවෙහි නිෂ්පාදන ගණන (අදියර -II TLP) |
ඇෆ්ගනිස්ථානය | 858 |
බංගලාදේශය | 987 (LDCs) 993 (NLDCs) |
භූතානය | 156 |
ඉන්දියාව | 25(LDCs) 614 (NLDCs) |
මාලදිවයින | 154 |
නේපාලය | 998 (LDCs) 1036 (NLDCs) |
පකිස්ථානය | 936 |
ශ්‍රී ලංකාව | 837 (LDCs) 963 (LDCs) |
Page 2 of 2