Showcasing Sri Lankan culinary excellence at the Embassy Chef Challenge in Washington DC
Brief Report on “Sri Lanka Beyond Your Dreams” held on 08th March 2024, Hilton Hotel, Dubai, UAE
Towards a digital Sri Lanka: Sri Lankan Embassy in Washington DC hosts an interactive discussion
Sri Lanka Tourism shines bright in Tunisia
Sri Lanka Thailand Free Trade Agreement (SLTFTA )
Sri Lanka Tourism Promotion event in Alexandria Governorate
SRI LANKA SHINES BRIGHT AT VIETNAM EXPO 2023: INNOVATIVE APPROACH FOR FUTURE COLLABORATION
The Embassy of Sri Lanka in Viet Nam participates in the International Food Festival 2023
Products of Sri Lankan SMEs enthrall and fascinate Vietnamese in Ha Noi

Latest News

සියලුම පුවත් මෙතැනින්

දැක්ම

"ජාත්‍යන්තර වෙළඳ සම්බන්ධතා තුළින් ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම"

මෙහෙවර

“සමස්ත නිෂ්පාදන, ආදායම් සහ සේවා නියුක්තිය දියුණු කිරීම තුළින් ජීවන තත්ත්වය නංවාලීම සහ ඉහළ ජීවන තත්ත්වයක් ළඟාකර ගැනීම මගින් ශ්‍රී ලංකාවේ සමස්ත ආර්ථික වර්ධනය සඳහා ක්‍රියාකාරී ලෙස දායකත්වය ලබාදීමේ අරමුණින් යුතුව, රජයේ වෙළඳ ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳ සම්බන්ධතා ද්විපාර්ශ්වික, කලාපීය සහ බහුපාර්ශ්වික මට්ටම්වලින් සංවර්ධනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.”

පකිස්ථාන - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම 2005 ජූනි මස 12 වන දින සිට බලාත්මක වන ලදී. ගිවිසුම ක්‍රියාත්මක කිරීමත් සමඟම වෙළඳ ගනුදෙනු සැලකිය යුතු මට්ටමකට පත්ව ඇත. 2009 මාර්තු මස පකිස්ථානය විසින් සිය බැඳීම් අවසන් කිරීම ක්‍රියාත්මක කොට ඇති අතර නිෂ්පාදන 4500 කට අදික ප්‍රමාණයක් සඳහා තීරු බදු රහිත වෙළඳපොළ ප්‍රවේශය ශ්‍රී ලංකාවට දැන් ලැබී ඇත. 2010 නොවැම්බර් මස දී ශ්‍රී ලංකාව බැඳීම සකස් කර අවසන් කර ඇත.

ශ්‍රී ලංකාවෙන් පකිස්ථානයට සිදු කරන ලද අපනයනයන් 2014 වසර තුල ඇ.ඩො.මි 74.25 ක් වූ අතර 2015 වසර තුල ඇ.ඩො.මි 73.10 ක් විය. ශ්‍රී ලංකාව විසින් පකිස්ථානයට සිදු කරන ප්‍රධාන අපනයනයන් අතර තේ, බුලත් කොළ, පොල්, දැව අඟුරු, Genus piper ගම්මිරිස්, විශේෂයෙන්ම වියන ලද රෙදි, රෙදිපිළි ද්‍රව්‍ය සහ ඇදුම් සැරසිලි ද්‍රව්‍ය, දැව පල්ප් හෝ වෙනත් කෙඳි සහිත සෙලුලෝසික කසල ද්‍රව්‍ය, ඉවතලන කඩදාසි හෝ ඝන කඩදාසි පල්ප්, කෘතිම සූත්‍රිකා, ක්‍රේප් රබර් ආදිය වේ. SAFTA ක්‍රියාත්මක වීමෙන් පසු නිෂ්පාදන ගණනාවක් පකිස්ථාන වෙළඳපොළ තුලට ප්‍රවේශ වී ඇත. SAFTA යටතේ 2015 දී ප්‍රභව්ස්ථාන සහතිකපත් 7320 ක් නිකුත් කර ඇති අතර 2014 වර්ෂයේ දී එය 7069 කි.