වාණිජ දෙපාර්තමේන්තුව විසින් 2026 අඛණ්ඩතා සතිය 2026 ජූලි 27 දින නිල වශයෙන් ආරම්භ කරන ලද අතර, එහි සමාරම්භක උත්සවය වැඩබලන වාණිජ අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා, අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධානී ජගත් අබේවර්ණ මහතා, ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
උත්සවය අමතමින් වැඩබලන වාණිජ අධ්යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා සඳහන් කළේ, අඛණ්ඩතාව යනු විශ්වාසනීය හා කාර්යක්ෂම රාජ්ය සේවයක මූලික පදනම බවයි. විනිවිදභාවය, වගවීම සහ යහපාලන මූලධර්ම තවදුරටත් ශක්තිමත් කරමින්, ඩිජිටල් පරිවර්තනය, නවෝත්පාදනය සහ පාර්ශ්වකරුවන් සමඟ ඵලදායී සම්බන්ධතාවය තුළින් සේවා සැපයීම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට දෙපාර්තමේන්තුව කැපවී සිටින බව ද ඔහු අවධාරණය කළේය. මෙම ප්රයත්නයන් රජයේ "පිරිසිදු ශ්රී ලංකාව" දැක්මට ද සෘජුවම දායක වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ අභ්යන්තර කටයුතු ඒකකයේ ප්රධානී ජගත් අබේවර්ණ මහතා, අඛණ්ඩතා සතියට සමගාමීව ක්රියාත්මක කරනු ලබන ප්රධාන වැඩසටහන් ලෙස අභ්යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කිරීම, නිලධාරීන් සඳහා අඛණ්ඩතා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම සහ පාර්ශ්වකරුවන්ගේ යෝජනා මත ඉලෙක්ට්රොනික මූලාරම්භක සහතික (eCOO) පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කිරීම පෙන්වා දුන්නේය. මෙම වැඩසටහන් මගින් ආයතනික අඛණ්ඩතාව ශක්තිමත් කිරීමත්, දෙපාර්තමේන්තුවේ සේවාවන්ගේ ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
සමාරම්භක උත්සවයේ විශේෂ අවස්ථාවක් වූයේ අභ්යන්තර කටයුතු ඒකකය (IAU) නිල වශයෙන් ස්ථාපිත කිරීම සහ ඒ සඳහා වෙන් කරන ලද නව කාර්යාලය විවෘත කිරීමයි. අඛණ්ඩතා සතියේ අරමුණු තවදුරටත් ප්රවර්ධනය කිරීම සඳහා "අඛණ්ඩතාවේ සංස්කෘතියක් – ශක්තිමත් ශ්රී ලංකාවක්" යන ජාතික තේමාව ඇතුළත් දැනුවත් කිරීමේ පෝස්ටර් දෙපාර්තමේන්තුව පුරා ප්රදර්ශනය කර ඇත.
මෙවර අඛණ්ඩතා සතියේ විශේෂ වැඩසටහනක් ලෙස, පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා ලබා ගනිමින් ඉලෙක්ට්රොනික මූලාරම්භක සහතික (eCOO) පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්රියාත්මක කර ඇත. ලියාපදිංචි eCOO පරිශීලකයන්ගෙන් පද්ධතියේ ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ පරිශීලක හිතකාමීත්වය වැඩිදියුණු කිරීම සඳහා යෝජනා කැඳවනු ලැබූ අතර, අපනයන ප්රජාවගෙන් ඉතා ඉහළ ප්රතිචාරයක් ලැබී ඇත. එම යෝජනා අනුව සුදුසු වැඩිදියුණු කිරීම් මේ වන විටත් ක්රියාත්මක කරමින් පවතී.
අඛණ්ඩතා සතියට සමගාමීව, "රාජ්ය සේවයේ අඛණ්ඩතාව හා සදාචාරාත්මක හැසිරීම" යන මැයෙන් දැනුවත් කිරීමේ දේශනයක් දෙපාර්තමේන්තු මූලස්ථානයේ නිලධාරීන් සහ ශ්රී ලංකා විදේශ දූත මණ්ඩලවල සේවය කරන වාණිජ නිලධාරීන් සඳහා මිශ්ර (Hybrid) ආකාරයෙන් පැවැත්විණි. මෙම දේශනය කැලණිය විශ්වවිද්යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්යයන පීඨයේ මානව සම්පත් කළමනාකරණ අධ්යයනාංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා විසින් පවත්වන ලදී.
මෙම සියලු වැඩසටහන් හරහා වාණිජ දෙපාර්තමේන්තුව ආයතනික අඛණ්ඩතාව තවදුරටත් ශක්තිමත් කරමින්, රාජ්ය සේවා සැපයීම වැඩිදියුණු කිරීම සහ විනිවිදභාවය, වගවීම හා අඛණ්ඩ වැඩිදියුණු කිරීමේ සංස්කෘතියක් ප්රවර්ධනය කරමින් ශ්රී ලංකාවේ වෙළඳ හා අපනයන සංවර්ධනයට අඛණ්ඩව දායක වෙමින් සිටී.






