විදේශ රටවල දූත මෙහෙවරයන්හි ස්ථාපිත වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ එහි වාණිජ නියෝජිතවරුන්  විසින් විදේශීය වෙළඳපොළ තුල ශ්‍රී ලාංකීය වාණිජ සහ ආයෝජන අභිරුචින් පිහිටු වීමට, ශක්තිමත් කිරීමට සහ පහසුකරණය සඳහා සිය දායකත්වය සපයනු ලැබේ.  ව්‍යාපාර ශක්‍යතාවයන් දියුණු කරගැනීමට නිවැරදි විදේශ පාර්ශවකරුවන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයන්ට විදේශ වණිජ නියෝජිතයන් සහය වේ.  විදේශ වණිජ නියෝජිතයන්ගේ ක්‍රියාකාරකම් අතර

  • ගෝලීය වෙළඳපොළ පරිසරය තුල ගැනුම්කරුවන් සොයා ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය වෙත සහය ලබා දීම
  • ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ප්‍රජාව විදේෂික ව්‍යාපාරික පිරිස හා සම්බන්ධීකරණය කිරීම.
  • විශේෂිත වෙළඳපොළ සහ නිෂ්පාදන සඳහා වෙළඳපොළ තොරතුරු සැපයීම.
  • ලොව පුරා පැතිර පවතින වෙළඳපොළ ප්‍රවණතාවයන් පිළිබඳ වෙළඳපොළ තොරතුරු සැපයීම, යාවත්කාලීන විශ්ලේෂණ, මග පෙන්වීම් සහ උපක්‍රම, ශ්‍රී ලංකාව ආසන්න ආර්ථික සබඳතා පවත්වාගෙන යන ආර්ථිකයන් හි දේශපාලනික, ආර්ථික සහ ව්‍යාපර තත්ත්වයන් තක්සේරු කිරීම සහ පූරෝකථනය කිරීම.
  • විවිධාකාර වෙළඳපොළ තත්ත්වයන් හමුවේ විදේශීය පෞද්ගලික අංශයේ සමාගම්/ ආයතන ක්‍රියා කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීමේ අරමුණින් යුතුව ශ්‍රී ලංකික සමාගම් සඳහා උපදේශන හා මගපෙන්වීම් ලබා දීම.
  • ශ්‍රී ලංකාවට අයත් උපායමාර්ගික ස්ථානයෙහි වාසි, තරඟකාරී සහ බුද්ධිමත් ශ්‍රම බලකාය, අතිවිශාල කලාපීය සහ ගෝලීය වෙළඳපොළ වෙත ප්‍රවේශ වීමට සුදුසුම ආරම්භක ප්‍රලේපයක් වූ හිතකර ව්‍යාපාරික පරිසරය සඳහා ප්‍රමාණවත් නිරාවරණයක් සහ ප්‍රසිද්ධියක් ලබා දීම.
  • ජාත්‍යන්තර වෙළඳපොළ අවශ්‍යතාවන්ට අනුකූල වීමට ශ්‍රී ලාංකික ව්‍යාපාරයන්ට සහාය වීම සහ සුදුසු සබඳකම් ඇතිකර ගැනීමේදීඑ නිවැරදි තීරණ වෙත එළැඹීම් සඳහා සහය වීම.
  • විවිධ ව්‍යාපාරික සංචාරවලදී ශ්‍රී ලංකික ව්‍යාපාරික ප්‍රජාව සඳහා ඔවුන්ගේ ජාත්යන්තර පාර්ශවකරුවන් සමඟ ව්‍යාපාර ජාලගත කිරීම් සංවිධානය කිරීම, ව්‍යාපාර ගැලපුම්කරණය සහ අන්තන්තර් ක්‍රියාකාරී සාකච්ඡා සැකසීම/සංවිධානය කිරීම.
  • ශ්‍රී ලාංකික ව්යාපාරික ප්‍රජාවේ අවශ්‍යතා වඩාත් හොන්දින් අවබෝධ කරගැනීමට ඔවුන් සමඟ නිරන්තරව සමීපයෙන් කටයුතු කිරීම සහ විදේශීය අවස්ථාවන් පිළිබඳ ඔවුන් යාවත්කාලීන කිරීම.
  • අනාගත ව්‍යාපාර අරමුණු සහ දිශාව බාධා කෙරෙන විවිධ ආර්ථිකයන් විසින් TBT සහ SPS පියවර වැනි වක්‍ර වෙළඳපොළ සීමකිරීම් පියවරයන්  අවබෝධකර ගැනීමට සහය දැක්වීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිතෝලන පියවරයන් සමඟ මේම පියවරයන්ගේ ප්‍රතිඵල අවම කෙරේද යන්න සහතික කිරීම.
  • රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ව්‍යාපාරයන්ට  ලෝක වෙළඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ බහුපාර්ශවීය වෙළඳ පද්ධති පිළිබඳ සහ අනාගත ගෝලීය වෙළඳාම මත එයින් ඇතිවිය හැකි බලපෑම  අවබෝධය ලබා ගැනීමට සහය ලබා දීම.
  • වරණීය තීරුබදු, නිදහස් වෙළඳ ගිවිසුම් වැනි වෙළඳාම පහසුකරණ පියවරයන් හඳුනාගනිමින් උද්යෝගී ආයතනයන්ට එයින් ශ්‍රී ලංකාවට අත්කරගත් හැකි ප්‍රතිලාභ පිළිබඳ උපදෙස් ලබා දීම.
  • ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති කලාපීය හා ද්වීපාර්ශවීය වෙළඳ ගිවිසුම් මඟින් අත්කර ගත හැකි පුළුල් පරාසයක විහිදුණ ප්‍රතිලාභ පිළිබඳ ප්‍රමාණවත් නිරාවරණයක් සහ ප්‍රචාරණයක් ලබා දීම.
  • ශ්‍රී ලංකාවේ අභිරුචිය විදේශයන්හි පවර්ධනය කිරීමට සහ සුරක්ෂිත කිරීම සඳහා වාණිජ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ මට්ටමේ රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රධානීන් ඇතුලත් සෑම උද්යෝගී පාර්ශවයන් සඳහා මනා ජාලගත හමුවන් පවතින් බව සනාථ කිරීම.
  • අනාගත ආර්ථික කටයුතුවලට සිදු විය හැකි හානි ඉවත් කිරීම හෝ අවම කිරීම සඳහා වාණිජ දෙපාර්තමේන්තුව ද ඇතුලත් අදාල ආයතන සමඟ තොරතුරු සන්නිවේදනය කර ගැනීම.

Latest News

Sri Lanka: Your Vital Island – A Gateway to Businesses Explored in Antwerp, Belgium

Sri Lanka: Your Vital Island – A Gateway...

දෙසැම්බර් 13 2024
The Embassy of Sri Lanka in Viet Nam hosts a  Tourism Promotional Media Briefing

The Embassy of Sri Lanka in Viet Nam...

දෙසැම්බර් 09 2024
සියලුම පුවත් මෙතැනින්