ශ්‍රී ලංකාව ප්‍රතිලාභියෙකු හෝ පාර්ශ්වකරුවෙකු වන ජී. එස්. පී. යෝජනා ක්‍රම, නිදහස් වෙළඳ ගිවිසුම් සහ වරණීය වෙළඳ ගිවිසුම් යටතේ ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීමේ වගකීම ඇත්තේ වාණිජ දෙපාර්තමේන්තුවටය. ගිවිසුමේ සඳහන් ප්‍රභව ස්ථාන ‍පිළිබඳ නීතිරීතිවලට නිෂ්පාදනයේ අනුකූලතාව සහතික කරමින් ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීමෙන් පසුව, තීරුබදු රහිතව හෝ සහනදායී තීරු ගාස්තු අනුපාත සහිතව අදාළ නිෂ්පාදනයට එම වෙළදපොල වලට පිවිසිය හැක.

නිසි පරීක්ෂාවට යටත්ව, වාණිජ දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දිනකට ප්‍රභව ස්ථාන සහතික 500 ක් පමණ නිකුත් කරනු ලැබේ. අපනයන ලේඛන සම්පූර්ණ කිරීම කඩිනමින් සම්පූර්ණ කිරීම සඳහා පහසුකම් සැපයීමේ අරමුණු ඇතිව, වාණිජ දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් දිනක් තුළ මෙම ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීම සිදු කරයි. මෙම අසීරු කාර්යය සාර්ථකව ඉටුකරලීම සඳහා, අතිරේක වියදමකින් තොරව දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පාලන පද්ධතිය සුසංවිධිත කර තිබේ. මෙලෙස නිකුත් කරන ප්‍රභව ස්ථාන සහතික 75% කට වඩා යුරෝපීය සංගමයේ ජී. එස්. පී. සහනය යටතේ සිදුවන අතර ප්‍රධාන වශයෙන් යුරෝපා සංගමයට අපනයනය    කරනු ලබන ඇඟලුම් නිෂ්පාදන සඳහා වේ.

කලින් කාලය වෙන් කර ගැනීමකින් තොරව, රාජකාරි කාලවේලාව තුළ ඕනෑම අවස්ථාවක ඔබට උපදෙස් ලබා ගැනීම සඳහා සහ කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ඔබේ සේවය සඳහා නිරන්තරයෙන් කැපවුණු නිලධාරී කණ්ඩායමක්, ප්‍රභව සහතික නිකුත් කිරීමේ අංශයට අනුයුක්ත කර සිටී. මෙම වසරේ මුල් මාස නවය තුළ එම එක් නිලධාරියෙකු සාමාන්‍ය වශයෙන් උපදේශන 1000 ක් පමණ සිදු කර තිබේ.

issuance of certificate of origin si

Latest News

Sri Lanka: Your Vital Island – A Gateway to Businesses Explored in Antwerp, Belgium

Sri Lanka: Your Vital Island – A Gateway...

දෙසැම්බර් 13 2024
The Embassy of Sri Lanka in Viet Nam hosts a  Tourism Promotional Media Briefing

The Embassy of Sri Lanka in Viet Nam...

දෙසැම්බර් 09 2024
සියලුම පුවත් මෙතැනින්