Department of Commerce Sri Lanka

Tamil-Sri LankaEnglish (United Kingdom)
sinhala_font  tamil_font
  • ෆොන්ට තරම වැඩි කරන්න
  • පෙරනිමි ෆොන්ට තරම
  • ෆොන්ට තරම අඩු කරන්න
මුල් පිටුව පුවත් වා. දෙ. නිවේදන

වා. දෙ. නිවේදන

වා. දෙ. නිවේදනය කරයි.

2010 නොවැම්බර් 18 දින යුරෝපා කොමිසම, වෙළඳ වරණයක් පිළිබඳ පොදු ක්‍රමය (GSP) යටතේ ආනයනය කරනු ලබන නිපැයුම් සඳහා ප්‍රභව ස්ථාන නීති සංශෝධනය කරන නියෝගයක් පිළිගත්තේය. මෙම නියෝගය, වංචා වැළැක්වීම සඳහා අවශ්‍ය පාලනයන් පැවතීම සහතික කරන අතරම යුරෝපා සංගමයෙ ‍වරණීය වෙළඳ සැලසුම් සඳහා ප්‍රවේශය ලැබීමට අපේක්ෂා කරන සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන නිති හා පිළිවෙත් ලිහිල් හා සරල කරවයි. නව ප්‍රභව ස්ථාන පිළිබඳ නීති 2011 ජනවාරි 1 වැනි දින සිට අදාල වේ.

වැඩිදුර තොරතුරු සඳහා මෙතන ක්ලික් කරන්න.

සියළුම අපනයනකරුවන් සඳහා
වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමයේ (GSP) සහතික නිකුත් කිරීම

  • අපනයනකරුවන් සඳහා වඩා කාර්යක්ෂම හා වේගවත් සේවාවක් සැපයීම සඳහා වාණිජ දෙපාර්තමේන්තු‍ව, අදාළ 2011.01.01 ප්‍රභව ස්ථාන පිළිබඳ වරණීය නීති සපුරාලන අපනයනකරුවන් සඳහා ප්‍රභව ස්ථාන සහතික නිකුත් කිරීමේ සරල කරන ලද ක්‍රියාපටිපාටියක් හඳුන්වා දෙනු ඇත.
  • පෙර පැවති වැඩපිළිවෙලෙහි පරිදි, නියෝගයේ අඩංගු නීති වලට අනුකූලව ප්‍රභව ස්ථාන සහතිකයෙහි  A ආකෘති පත්‍රය සම්පූර්ණ කිරීමේ වගකීම අපනයනකරුවන් සතු වේ. අපනයනකරුගේ භාණ්ඩ  වලට වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමයේ (GSP) ප්‍රතිලාභ ප්‍රදානය කිරීම සඳහා යුරෝපා සංගම් රේගු බලධාරීන්  විශ්වාසය තබන්නාවූ ප්‍රධාන නිල ලේඛනය A ආකෘති පත්‍රය වේ.
  • දෙපාර්තමේන්තුව වෙත සැපයෙන තොරතුරු සම්බන්ධයෙන්  අපනයනකරුවන් වගවිය යුතු අතර, ඉල්ලා සිටි විටදී දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත නියෝගයට අනුව යම් අතිරේක තොරතුරු සැපයීමට ඔවුන් සූදානම්ව සිටිය යුතු වේ.
  • සහතික නිකුත් කරනු ලැබීමට පදනම් වන ප්‍රභව ස්ථාන නීති පිළිබඳව මනා අව‍බෝධයක් අපනයනකරුවන් සතුවිය යුතු වේ. 2011.01.01 දින නව නියෝග පහත සඳහන් වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

http://ec.europa.eu/taxation_customs/customs/customs_duties/rules_origin/preferential/article_777_en.htm

  • නව ප්‍රභව ස්ථාන නීති සම්බන්ධයෙන් කවර ‍හෝපැහැදිලි කිරීමක් කර ගැනීම සඳහා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ උපදෙස් ලබාගැනීමට අපනයනකරුවන්ට නිදහස ඇත.  අදාල අවස්ථාවන්හිදී තම පිරිවැය ප්‍රකාශන හා දිවුරුම් ප්‍රකාශන වාණිජ දෙපාර්තමේන්තුව මගින් සහතික කරවාගැනීම අපනයනකරුවන් වෙතින් අපේක්ෂා කෙරේ. මේවා එක් වර්ෂයක් සඳහා පමණක් වලංගු වන අතර සංයුතිය අදාල නිපැයුමෙහි සංයුතියට අඩංගු ආනයනය කෙරෙන හෝ දේශීය වශයෙන් මිලදී ගනු ලබන රෙදි / අමුද්‍රව්‍ය වල ප්‍රධාන වෙනස්කම් ඇති වූ විට සුදුසු අවස්ථාවන්හිදී සංශෝධනය විය යුතු වේ. අවශ්‍ය පරිදි හා අවශ්‍ය විට වාණිජ දෙපාර්තමේන්තුව මෙම ලේඛනය පරීක්ෂා කරනු ඇත.
  • අයදුම්පත සමග CusDec හි පිටපතක් සැපයීම තවදුරටත් අවශ්‍ය නොවේ. ආනයන / අපනයන ප්‍රලේඛන පටිපාටිය සරල කිරීම පිණිස ආයෝජන මණ්ඩලය දැන් මෙම ලේඛනයෙහි පිටපත් දෙකක් පමණක් නිකුත් කරන බැවින් මෙම අවශ්‍යතාව ඉවත් කරනු ලැබ ඇත. කෙසේ වෙතත් අයදුම්පතෙහි කාර්යාල පිටපතෙහි 4 වැනි කොටුවේ පහත සඳහන් තොරතුරු ඇතුළත් කළ යුතු වේ.
  • CusDec අංකය
  • ප්‍රකාශනය (Cusdec කොටු අංක L හි පරිදි)
  • කාර්යාල කේතය (29 කොටුවෙහි පරිදි)
  • වර්ෂය
  • CusDec අවශ්‍ය වන්නා වූ ආහාර ද්‍රව්‍ය හා ඖෂධීය පාන වර්ග සාදන කුඩු මිශ්‍ර තොග මෙන්ම බයිසිකල් හා උපාංග අපනයනය කරන අපනයනකරුවන්ට මෙම නිදහස අදාල නොවන බව කරුණාවෙන් සැලකිල්ලට ගන්න.
  • නිකුත් කෙරෙන සහතික වල කාර්යාල පිටපත පමණක් වාණිජ දෙපාර්තමේන්තුව වෙත රඳවා ගැනෙනු ඇත.
  • වරණය ලබා දෙන රට වෙතින් සත්‍යෙක්ෂණය සඳහා ඉල්ලීමක් ලැබුණු අවස්ථාවක පශ්චාත් නිෂ්කාශන සත්‍යෙක්ෂණයන් සඳහා වාණිජ දෙපාර්තමේන්තුව මගින් කවර හෝ ලේඛනමය සාක්ෂි ඉල්ලා සිටීමට හෝ සහතික නිකුත් කිරීමේ දින සිට වර්ෂ 3 ක කාලයක් තෙක්, යෝග්‍ය යැයි සැලකෙන පරිදි, යම් පරික්ෂාවක් සිදු කිරීමට ඉඩ ඇත. වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමයේ (GIP) නියෝගවල මෙම අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් තමන් සන්තකයෙහි ඇති සහතික නිකුත් කිරීමට පදනම් වූ සියළුම ලේඛනමය සාක්ෂි වර්ෂ 3 ½ ක් තමන් වෙත තබා ගැනීම අපනයනකරුවන්ගෙන් අපේක්ෂා කෙරේ.
  • නිපැයුම්වල ප්‍රභවය ලැබීමේ තත්ත්වය සම්බන්ධයෙන් පශ්චාත් නිෂ්කාශන සත්‍යෙක්ෂණය සඳහා අවශ්‍ය ලේඛන හා තොරතුරු කරා ප්‍රවේිශය අපනයනකරුවන් විසින් වාණිජ දෙපාර්තමේන්තුවට ලබා නොදෙන්නේ නම්, දෙපාර්තමේන්තුව ඒ බබව අදාල ආනයනය කරන රටට දැනුම් දෙනු ඇත.
  • මෙම උපදෙස් පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර වාණිජ දෙපාර්තමේන්තුව ඇමතීමට පසුබට නොවන්න.

 

අවසන් යාවත්කාලීන කිරීම 2013 ජනවාරි 31 වෙනි බ්‍රහස්පතින්දා, 04:31  
Exporter
Newsletter
Download

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ඇ.එ.ජ. සමග වන වෙළඳ හා ආයෝජන රාමුව පිළිබඳ ගිවිසුම (TIFA) ඇ.එ.ජ. සමග වන වෙළඳ හා ආයෝජන රාමුව පිළිබඳ ගිවිසුම (TIFA) 2010 ඔක්තෝබර් 14 වැනි දින ශ්‍රී ලංකාවේදී පවත්වන ලද එක්සත් ජනපද - ශ්‍රී ලංකා වෙළඳ ආයෝජන රාමුව පිළිබඳ...
ඉරානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කොමිසම ඉරානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කොමිසම 2004 දී දෙරට විසින් අත්සන් තබන ලද වරණීය වෙළඳ ගිවිසුම (PTA) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ ක්‍රම සහ ...
Joint Trade and Economic Cooperation Joint Trade and Economic Cooperation මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි The DoC also functions as the focal point in Sri Lanka for ...
අපනයන සංවර්ධන තිළිණ යටතේ අපනයනකරුවන්ට තිළිණ ප්‍රදානය  කෙරේ. අපනයන සංවර්ධන තිළිණ යටතේ අපනයනකරුවන්ට තිළිණ ප්‍රදානය කෙරේ. 2010 නොවැම්බර් 26 වැනි දින කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ගරු රිසාත් බදියුදීන් මහතා අපනයන සංවර්ධන රු. මිල...
Sri Lanka & Pakistan successfully conclude the 10th JEC sessions in Islamabad Sri Lanka & Pakistan successfully conclude the 10th JEC sessions in Islamabad මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe Ministerial Level (trade) meeting between Sri Lanka and Pa...
Technical Level Meeting on Pakistan-Sri Lanka Free Trade Agreement Technical Level Meeting on Pakistan-Sri Lanka Free Trade Agreement මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe Fourth Technical Level Meeting on Pakistan-Sri Lanka Free ...
Singaporean  Business Delegation visit to Sri Lanka Singaporean Business Delegation visit to Sri Lanka මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe Department of Commerce in collaboration with the Sri Lanka...
The US GSP Program extended till the end of 2013  The US GSP Program extended till the end of 2013 මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe Department of Commerce, Colombo is pleased to inform the S...
Sri Lanka Expo 2012 promoted in Japan Sri Lanka Expo 2012 promoted in Japan මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිA promotional seminar on ‘Sri Lanka Expo’ was recently held at...
On Arrival Visa Facility for Sri Lankan Business Visiting Pakistan On Arrival Visa Facility for Sri Lankan Business Visiting Pakistan මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe ministry of Foreign Affairs of Pakistan has informed that ...
NCE felicitates P.D Fernando – Director General of Department Of Commerce NCE felicitates P.D Fernando – Director General of Department Of Commerce මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිP.D Fernando, the new Director General of Department of Commer...

වැදගත් වෙබ් අඩවි