Department of Commerce Sri Lanka

Tamil-Sri LankaEnglish (United Kingdom)
sinhala_font  tamil_font
  • ෆොන්ට තරම වැඩි කරන්න
  • පෙරනිමි ෆොන්ට තරම
  • ෆොන්ට තරම අඩු කරන්න
මුල් පිටුව අපගේ සේවාවන් වෙළඳ සාකච්ඡා බහුපාර්ශ්වීය වෙළඳ සබඳතා

බහුපාර්ශ්වීය වෙළඳ සබඳතා

ලෝක වෙළඳ සංවිධානය

Multilateral Trade Relations

ලෝක වෙළඳ සංවිධානය හා ඒ ආශ්‍රිත සියළු කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය ජාතික කේන්ද්‍රස්ථානය ලෙස හා ලෝක වෙළඳ සංවිධානය යටතේ වන සියළු බහුපාර්ශ්වීය සාකච්ඡා වලදී ශ්‍රී ලාංකීය නියෝජිතයෙකු ලෙස කටයුතු කරන්නේ වාණිජ දෙපාර්තමේන්තුවයි. ජිනීවා නියෝජනය හා ජාතික හවුල්කාර සබඳතා හරහා දැනට පැවැත්වෙන දෝහා සාකච්ඡාවලදී ශ්‍රී ලාංකීය අයිතීන් සුරැකීමේ කාර්යයේ වාණිජ දෙපාර්තමේන්තුව යුහුසුළුව නියැලී සිටියි.

ඇමෙරිකාව, යුරෝපා සංගමය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය හා ජපානය ඇතුළු ඉතා වැදගත් වෙළඳ පාර්ශ්වකරුවන් සමඟ ගනුදෙනු කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආයතනික ව්‍යුහය ලෙස කටයුතු කරන්නේ ලෝක වෙළඳ සංවිධානයයි.

ලෝක වෙළඳ සංවිධානය 1995 වසරේදී ස්ථාපිත කිරීමත් සමගම ශ්‍රී ලංකාව එහි ආරම්භක සාමාජිකයෙකු බවට පත්වූ අතර, ඊට ප්‍රථමයෙන් පැවති බදු හා වෙළඳාම පිළිබඳ සාමාන්‍ය ගිවිසුමේ ආරම්භක සාමාජිකයන් 23 දෙනා අතර ශ්‍රී ලංකාව ද විය. උක්ත ගිවිසුමේ අනුග්‍රහය යටතේ උරුගුවේ වෙළඳ සාකච්ඡා වට පැවැත්වුණු අතර එය ලෝක වෙළඳ සංවිධානය ස්ථාපිත කිරීමේ මූලාරම්භය විය.

වත්මන් බදු පාර්ශ්වීය වෙළඳාම් ක්‍රමය පාලනය කරනු ලබන්නේ ලෝක වෙළඳ සංවිධානය විසින් වන අතර කාර්මික භාණ්ඩ වෙළඳාම, බැංකුකරණය, විදුලි සංදේශ, කාර්මික ප්‍රමිතින් හා නිෂ්පාදනවල ආරක්ෂාව, ආහාර ආරක්ෂණ රෙගුලාසි, රේගු වලංගු කිරීම්, බුද්ධිමය දේපල හා වෙනත් ආශ්‍රිත ක්ෂේත්‍ර මෙමගින් පාලනය වන අනෙකුත් ප්‍රධානතම ක්ෂේත්‍රයන් ලෙස දැක්විය හැකිය. ලෝක වෙළඳ සංවිධානය යටතේ සිදු කෙරෙන දේශීය හා විදේශීය වෙළඳාම් වෙනස් කොට නොසැලකීමේ ප්‍රතිපත්තිය මත  සිදු කෙරේ. නමුත් මෙයට ව්‍යතිරේකයන් ලෙස නිදහස් වෙළඳ ගිවිසුම් හා අන්‍යොන්‍ය නොවන වරණීය වෙළඳ ගිවිසුම් දැක්විය හැකිය.

ලෝක වෙළඳ සංවිධානයේ බහු පාර්ශ්වීය වෙළඳාම් ක්‍රමය පිළිබඳ වැඩි විස්තර ලෝක වෙළඳ සංවිධානයේ www.wto.org වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය.

වෙළඳ වරණයන් පිළිබඳ ගෝලීය ක්‍රමය (GSTP)

සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ වරණයන් පිළිබඳ ගෝලීය ක්‍රමයේ තෙවන සාකච්ඡා වටයට ශ්‍රී ලංකාව මේ වන විට සහභාගි වෙමින් සිටී. 1988 වසරේදි ස්ථාපිත කරන ලද උක්ත ක්‍රමය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා එම රටවල් අතර වෙළඳ වරණයන් හුවමාරු කර ගැනීම සඳහා වන ව්‍යුහයක් ලෙස කටයුතු කරන අතර එක් එක් මට්ටමේදී සිදු කෙරෙන  ක්‍රමික සාකච්ඡා හරහා ආර්ථික සහයෝගිතාවය ඇති කිරීමේ ශක්තිමත් මෙවලමක් ලෙසද ක්‍රියාත්මක වේ. 1989 වසරේ සිට ‍එම ගිවිසුමේ මෙහෙයුම් පූර්ණ වශයෙන් සමාලෝචනය කිරීමෙන් අනතුරුව සහභාගි වන්නන්ගේ කමිටුව විසින් තෙවන සාකච්ඡා වටය 2004 වසරේදී ආරම්භ කළේය.

තෙවන සාකච්ඡා වටය 2010 වසරේදී බ්‍රසීලයේදී සමාප්ත වූ අතර එම සාකච්ඡාවේ මුල්ම සාමාජිකයන්ගෙන් 8 දෙනෙකු විසින් අවසන් ගිවිසුමට අත්සන් තබන ලදී. ශ්‍රී ලංකාව තවමත් එයට අත්සන් තබා නොමැති අතර එයට හේතුව වන්නේ ආරම්භය පිළිබඳ නිති සම්බන්ධයෙන් වන සාකච්ඡා තවමත් අවසන්ව නොමැති වීමයි.

දකුණු - දකුණු වෙළඳාම හරහා සහයෝගිතාවය නම් අදහසට මූලික දේශපාලනික අනුමැතිය ලැබුනේ 1976 වසරේදී මෙක්සිකෝවේ පැවති G77 කණ්ඩායමේ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී වන අතර මෙය තවදුරටත් අරූෂා (1979) හා කරකාස් (1981) හිදී පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීම්ලදී සංවර්ධනය කෙරිණි.

1982 වසරේදී නිව්යෝර්ක් නුවරදී රැස්වුණු G77 රටවල විදේශ අමාත්‍යවරුන් විසින් මෙම ගිවිසුමේ මූලික සංරචකයන් නිර්වචනය කොට ඉදිරි සාකච්ඡා සඳහා අවශ්‍ය ව්‍යුහය සකස් කරන ලදී. 1984 වසරේදී G 77 විසින් ජිනීවා හිදී රැස්ව ව්‍යුහාත්මක  ගිවිසුමේ විවිධ සංරචකයන් සඳහා වන මූලික සූදානම් කටයුතු සිදු කළේය. ජිනීවාහිදී පැවති සාකච්ඡා වලට අවශ්‍ය අතිරේක සහාය සහ ශක්තිය නවදිල්ලියේදී පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීම් තුලින් ලැබුණු අතර 1986 දී බ්‍රසීලියාහිදී පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී ගිවිසුමට අවශ්‍ය විධිවිධානමය ව්‍යුහය සකස්ව වරණීය වෙළඳ සහන පිළිබඳ ප්‍රථම සාකච්ඡා වටය ආරම්භ විය. 1988 වසරේදී ගිවිසුමේ කෙටුම්පත අනුමත වී ඉන් අනතුරුව බෙල්ග්‍රේඩ්හිදී ප්‍රථම සාකච්ඡා වටය සමාප්ත විය.

 

අවසන් යාවත්කාලීන කිරීම 2011 ජූනි 30 වෙනි බ්‍රහස්පතින්දා, 07:27  
Exporter
Newsletter
Download

පුවත් සහ සිද්ධීන්

  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
ඇ.එ.ජ. සමග වන වෙළඳ හා ආයෝජන රාමුව පිළිබඳ ගිවිසුම (TIFA) ඇ.එ.ජ. සමග වන වෙළඳ හා ආයෝජන රාමුව පිළිබඳ ගිවිසුම (TIFA) 2010 ඔක්තෝබර් 14 වැනි දින ශ්‍රී ලංකාවේදී පවත්වන ලද එක්සත් ජනපද - ශ්‍රී ලංකා වෙළඳ ආයෝජන රාමුව පිළිබඳ...
ඉරානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කොමිසම ඉරානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කොමිසම 2004 දී දෙරට විසින් අත්සන් තබන ලද වරණීය වෙළඳ ගිවිසුම (PTA) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ ක්‍රම සහ ...
Joint Trade and Economic Cooperation Joint Trade and Economic Cooperation මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණි The DoC also functions as the focal point in Sri Lanka for ...
අපනයන සංවර්ධන තිළිණ යටතේ අපනයනකරුවන්ට තිළිණ ප්‍රදානය  කෙරේ. අපනයන සංවර්ධන තිළිණ යටතේ අපනයනකරුවන්ට තිළිණ ප්‍රදානය කෙරේ. 2010 නොවැම්බර් 26 වැනි දින කර්මාන්ත හා වාණිජ අමාත්‍ය ගරු රිසාත් බදියුදීන් මහතා අපනයන සංවර්ධන රු. මිල...
Sri Lanka & Pakistan successfully conclude the 10th JEC sessions in Islamabad Sri Lanka & Pakistan successfully conclude the 10th JEC sessions in Islamabad මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe Ministerial Level (trade) meeting between Sri Lanka and Pa...
Technical Level Meeting on Pakistan-Sri Lanka Free Trade Agreement Technical Level Meeting on Pakistan-Sri Lanka Free Trade Agreement මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe Fourth Technical Level Meeting on Pakistan-Sri Lanka Free ...
Singaporean  Business Delegation visit to Sri Lanka Singaporean Business Delegation visit to Sri Lanka මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe Department of Commerce in collaboration with the Sri Lanka...
The US GSP Program extended till the end of 2013  The US GSP Program extended till the end of 2013 මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe Department of Commerce, Colombo is pleased to inform the S...
Sri Lanka Expo 2012 promoted in Japan Sri Lanka Expo 2012 promoted in Japan මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිA promotional seminar on ‘Sri Lanka Expo’ was recently held at...
On Arrival Visa Facility for Sri Lankan Business Visiting Pakistan On Arrival Visa Facility for Sri Lankan Business Visiting Pakistan මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිThe ministry of Foreign Affairs of Pakistan has informed that ...
NCE felicitates P.D Fernando – Director General of Department Of Commerce NCE felicitates P.D Fernando – Director General of Department Of Commerce මෙම තොරතුරු ඇත්තේ ඉංග්‍රිසි බසින් පමණිP.D Fernando, the new Director General of Department of Commer...

වැදගත් වෙබ් අඩවි