2010 ඔක්තෝබර් 14 වැනි දින ශ්‍රී ලංකාවේදී පවත්වන ලද එක්සත් ජනපද - ශ්‍රී ලංකා වෙළඳ ආයෝජන රාමුව පිළිබඳ ගිවිසුම (TIFA), යටතේ වන ඒකාබද්ධ කවුන්සිලයේ 8 වැනි රැස්වීම අතරතුරදී පුළුල් පරාසයක වූ විවිධ ද්වි පාර්ශ්වික ගැටළු සම්බන්ධ සාකච්ඡා තවදුරටත් පවත්වන ලදී. කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලාංකික නියෝජිත පිරිස මෙහෙයවන ලද අතර එ.ජ. නියෝජිත පිරිසට නායකත්වය දෙන ලද්දේ දකුණු හා මධ්‍යම ආසියාව සඳහා වන එ.ජ. සහකාර වෙළඳ නියෝජිත විසිනි.
TIFA, හි සන්දර්භය තුළ, ශ්‍රී ලංකාව මූලික වශයෙන් (අ) නිපැයුම් ආවරණය හා ප්‍රභව ස්ථාන නීති ආදිය සම්බන්ධයෙන් අතිරේක සුනම්‍යතා සහිතව කවර හෝ විශේෂ වෙළඳ වරණයන් හෝ එ.ජ.වෙ.ව.පො.ක්‍ර. (US GSP) පහසුකම හරහා සිය අපනයනයන් සඳහා විශේෂයෙන්ම ඇඟලුම් සඳහා වඩා ව්‍යාප්ත වූ වෙළඳපොල ප්‍රවේශය සුරක්ෂිත කර ගැනීම හා (ආ) බුද්ධිමය දේපල හිමිකම්, වෙළඳ පහසුකම් සැලසීම, කෘෂි අපනයන සඳහා පිරිවැය ඵලදායී හා නව නිර්මාණශීලී ඇසුරුම වැඩි දියුණු කිරීමේ වෙළඳ ධාරිතා ගොඩනැගීම, ලංකා කුරුඳු “සිලෝන් සිනමන්” ලෙස සන්නම් යෙදීම, අපනයනය සඳහා වන පොල් මත පදනම් වූ කර්මාන්ත සඳහා බලශක්ති කළමනාකරණ සහාය, ආහාර හා ඖෂධ ලේබල් කිරීමේ අවශ්‍යතා පිළිබඳ තාක්ෂණය, TRIPS ගිවිසුම් වල භූගෝලීය සංඥා යටතේ ලංකා තේ හා අනෙකුත් ප්‍රාදේශීය තේ ඇ.එ.ජ. ලියාපදිංචි කිරීම හා වාණිජ ආරවුල් බේරුම් කිරීමේ ක්ෂේත්‍රය තුළ නීතිඥයන්ගේ හා පරිපාලකයන්ගේ ධාරිතා වර්ධනය වැනි ක්ෂේත්‍ර වල එ.ජ. සහයෝගිතාව ලබාගැනීමට ප්‍රයත්න දැරිම අරමුණු කරයි.
TIFA යනු දෙරට අතර වඩාත් සමීප වෙළඳ හා ආර්ථික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රයෝජනවත් ආයතනික සැලැස්මකි. දෙරට අතර වෙළඳාමට බාධා පමුණුවන යම් බාධක හඳුනා ගැනීමට හා ඒවාට පිළියම් යෙදීමට හැකි වන පරිදි එය වෙළඳ නිලධාරීන් අතර ඉහළ මට්ටමේ සබඳතා අඛණ්ඩව සපයයි.











