
2004 දී දෙරට විසින් අත්සන් තබන ලද වරණීය වෙළඳ ගිවිසුම (PTA) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ ක්‍රම සහ විධි ඇතුළුව දෙරට අතර වෙළඳාම තවදුරටත් පුළුල් කිරීම ගවේෂණය කිරීමට ඉරානය සහ ශ්‍රී ලංකාව එකඟ විය. 2010 සැප්තැම්බර් 13 වැනි දින සිට 15 වැනි දින තෙක් කොළඹදී පවත්වන ලද ආර්ථික සහයෝගිතාව සඳහා වූ ඉරාන ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ 9 වැනි සැසිවාරය අතරතුරදී ඉහත කරුණුද ඇතුළුව විවිධ කරුණු සාකච්ඡාවට භාජනය කරන ලදී. ශ්‍රී ලංකාවේ ගරු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා විසින් ශ්‍රී ලාංකික නියෝජිත පිරිසට නායකත්වය දෙන ලද අතර ඉරාන නියෝජිත පිරිසට නායකත්වය දෙන ලද්දේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ගරු වාණිජ කටයුතු අමාත්‍යවරයා විසිනි.
නව වැනි සැසිවාරය අතරතුරදී, ඉරානය හා ශ්‍රී ලංකාව යන දෙපාර්ශ්වයම, වර්තමාන වෙළඳ රටාව යම් තරමක් දුරට මධ්‍යස්ථ මට්ටමේ පැවතියේ වුවත් දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සඳහා සැලකිය යුතු ඉඩ ප්‍රස්ථාවන් සලසන ආකාරයේ වන බව හඳුනා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාණ්ඩය වන තේ සඳහා වඩා විශාල වෙළඳපොල ප්‍රවේශය සුරක්ෂිත කර ගැනීමේදී ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය සඳහා කෝටා / තීරුබදු ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම සාකච්ඡා කළේය.
මෙම කෝටාව ශ්‍රී ලංකාවේ වෙළඳපල තත්ත්වය පෙන්නුම් කළ යුතු බව හා ඉන් කොටසක් ශ්‍රී ලංකාවෙන් පෙර අසුරන ලද ආකාරයෙන් අපනයනය කිරීමට අවසර ලැබිය යුතු බව ශ්‍රී ලංකාව ඉල්ලා සිටියේය. ඒකාබද්ධ කොමිසම ආරම්භ වීමට ආසන්නතම පූර්වයෙන් ඉරානයට තේ ආනයනය කිරීම ඉරාන තහනම් කර ඇති බව ඉරානයේ වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කිරීම නිසා ඉහත ඉල්ලීම් කිරීම අවශ්‍ය විය.
එයට ප්‍රතිචාර ලෙස, ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන තේ සඳහා වරණීය තීරුබදු කෝටාව වාර්ෂික පදනමින් ඇතුළත් කිරීම අධ්‍යයනය කිරීමට ඉරානය එකඟ වූ අතර, ඉරානයේ නිදහස් වෙළඳ කලාපවලදී ශ්‍රී ලංකික සමාගම් මගින් හෝ ඉරාන හා ශ්‍රී ලාංකික සමාගම්වල ඒකාබද්ධ ව්‍යාපාර මගින් ශ්‍රී ලාංකික තේ ඇසුරුම් කිරීම සඳහා ඉහත කෝටාවෙන් කොටසක් භාවිතා කළ හැකි බවට එකඟ විය.
JCEC හි නමවැනි සැසිවාරය අවසානයේදී පුළුල් ක්ෂේත්‍ර ගණනාවක වූ කරුණු සම්බන්ධයෙන් දෙපාර්ශ්වය එකඟ වූ තීරණ ආවරණය කරමින් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී. එයට අමතරව, තම තමන්ගේ අදාල බලධාරීන් මගින් කොළඹදී මෙම අවබෝධතා ගිවිසුම් කටයුතු අවසන් කිරීමට දොපර්ශ්වයම එකඟ වෙමින්, නැව් කටයුතු හා වරාය සම්බන්ධ අවබෝධතා ගිවිසුම් දෙකක කටයුතු ආරම්භ කරන ලදී.











