ලියාපදිංචි අපනයන ක්‍රමයෙහි පළමු පියවර කුමක් ද?


පිරිවැය වාර්තා/ ද්‍රව්‍ය උපකරණ ලැයිස්තු/ දිව්රුම් ප්‍රකාශ සඳහා අනුමැතිය ලබා ගැනීම.

ලියාපදිංචි අපනයන ක්‍රමයෙහි දෙවන පියවර කුමක් ද?


නිසි ලෙස සම්පූර්ණ කරන ලද පත්‍රිකාව ලබා දුන් පසු වාණිජ දෙපාර්තමේන්තුව විසින් අපනයනකරු ලියාපදිංචි කොට ඔහුටම ආවේණික ලියාපදිංචි අංකයක් ලබා දෙනු ඇත.

වාණිජ දෙපාර්තමේන්තුව විසින් පිරිවැය වාර්තා/ ද්‍රව්‍ය උපකරණ ලැයිස්තු/ දිව්රුම් ප්‍රකාශ අනුමත නොකරන ලද අවස්ථාවක දී නිෂ්පාදනයක් සඳහා ප්‍රභවස්ථාන වාර්තාවක් SOO අපනයනකරු විසින් ඉදිරිපත් කළ හැකි ද?


නොහැකිය.

REX-1 පත්‍රිකාව යොදා ගෙන ලියාපදිංචි වූ නිෂ්පාදනයක් ජී.එස්.පී සහනය යුරෝපා සංගමයේ ආනයන සඳහා හිමිකම් කිව හැකි ද?


නොහැකිය.

REX-4 පත්‍රය කුමක් සඳහා ද?


වාණිජ දෙපාර්තමේන්තුව මඟින් සෑම භාණ්ඩයක්ම නැව්ගත කිරීමේ දින සිට සති දෙකක් ඇතුලත එම භාණ්ඩ සම්බන්ධ දත්ත යැවීම සඳහා මෙම පත්‍රය යොදා ගනී.

අපනයනකරුවන් දැනගත යුතු වැදගත්ම පණිවිඩය කුමක් ද?


2017/06/15 දින සිට REX පද්ධතිය යටතේ ලියාපදිංචි වීම මගින් ලියාපදිංචි අංක ලබා දීම ප්‍රමාද වීම වළක්වාගත හැකිය.

REX ලියාපදිංචි අංකයක් නොමැතිව SOO එකක් අපනයනකරුවෙක්ට ඉදිරිපත් කළ හැකි ද?


නැත. REX  ලියාපදිංචිය පූර්ව අවශ්‍යතාවයකි.

අපනයනකරු විසින් සකසන ලද SOO වාණිජ දෙපාර්තමේන්තුව විසින් සහතික කළ යුතු ද?


නැත. අනෙකුත් නැව්ගත කිරීමේ ලියවිලි සමඟ අපනයනකරුට එය යැවිය හැක.

Latest News

සියලුම පුවත් මෙතැනින්